Home » ඩොලර් බිලියන 1 ක ඉන්දීය ණය මුදල නිසිලෙස භාවිතා කර නෑ

ඩොලර් බිලියන 1 ක ඉන්දීය ණය මුදල නිසිලෙස භාවිතා කර නෑ

by Nirodha Gamage

ඩොලර් බිලියන 1 ක ණය මුදල භාවිතා කිරීම සඳහා ඇති කාලය මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීමට ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත්සේවය පැවසීය.

ඩොලර් බිලියන 1 ක ණය මුදලින් ඖෂධ සහ ආහාර සඳහා භාවිත කර ඇත්තේ ඉන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් පමණි. මෙම ණය මුදල මාර්තු 17 වැනිදායින් අවසන් වීමට නියමිත බැවින් මෙලෙස ණය මුදල භාවිතා කිරීමට ඇති කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටීමට සිදුව තිබේ.

කොවිඩ්-19 වසංගතයෙන් පසු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල පුලුල් හිඟයක් මධ්‍යයේ මෙම ණය මුදල ලබා දීමට ඉන්දියාව කටයුතු කලද එහි නිසි ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා රජය අසමත්ව තිබේ.පසුගිය වසරේ දැවැන්ත විරෝධතා වලින් පසුව ආර්ථිකය වැඩිදියුණු වීම සහ විදේශ විනිමය සංචිත ඉහළ යාමත් සමඟ මෙම ණය මුදල භාවිතා කිරීමට ඇති කාලය දීර්ඝ කිරීමේ සාකච්ඡා ඉදිරියට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ මූලාශ්‍රයක් පැවසුවේ, ණය මුදල මාස 6-12 කින් දීර්ඝ කිරීමට රජයට අවශ්‍ය වූයේ එයින් ඩොලර් මිලියන 300 ක් පමණ භාවිතයට නොගෙන ඉතිරිව ඇති බැවිනි. ඒ පිළිබඳ කිසිදු එකඟතාවකට පැමිණ නොමැති බව මූලාශ්‍රය පැවසීය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions