Home » ඩයනාගේ නඩුව අතර උණුසුම් වචන හුවමාරුවක්

ඩයනාගේ නඩුව අතර උණුසුම් වචන හුවමාරුවක්

by Nirodha Gamage

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

අනතුරුව නඩුව පසුවට කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම තීරණයට එළඹුණි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions