Home » ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන්නැයි පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කරයි

ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන්නැයි පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කරයි

by Nirodha Gamage

ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය නොකරන ලෙස පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව නිර්දේශ කර තිබේ.

වාර්තාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස්‌වලින් දැනටමත් , 44.98% ක්‌ ජාත්‍යන්තර සමාගම්වලට ද 49.5% ක්‌ රජයට ද හිමිව ඇති බවත්, තවදුරටත් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදී තොරතුරු හෙළිවන බවත් ය.

අසාදු ලේඛනගත කර ඇති ත්‍රස්තවාදීන්ට, අන්තවාදීන්ට ඕනෑම ආකාරයකින් උදව් කළ ඕනෑම කෙනෙකුට හෝ සංවිධානයකට කිසිදු කොටසක් මිලදී ගැනීමට සහ රටේ ජාතික වත්කම් පාලනය කිරීමට ඉඩ නොදිය යුතු බව ද වාර්තාවේ සඳහන් වේ.

.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions