Home » ටෙලිකොම් ප්‍රතිව්‍යූහගතකරණයට නීතිමය බදා ණෑ

ටෙලිකොම් ප්‍රතිව්‍යූහගතකරණයට නීතිමය බදා ණෑ

by Nirodha Gamage

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) තීරණය කළේය.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ.බී. ගුරුසිංහ හා ලේකම් එච්.කේ. හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබිණි. පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනකු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සහ පාර්ශ්වකරුවන්ගේ පක්ෂ විපක්ෂ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීරණය මත මේ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලදි. මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් එම නියෝගය නිකුත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, එහි සභාපතිවරයා,කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු 34 දෙනෙක් පෙත්සම්වල වගඋත්තරකරුවෝ වූහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions