Home » ජාතිවාදය නැවත හිස ඔසවයි ද? දියවන්නාවෙන් බෞද්ධයන්ට චෝදනා

ජාතිවාදය නැවත හිස ඔසවයි ද? දියවන්නාවෙන් බෞද්ධයන්ට චෝදනා

by Plus One

දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිංහල බෞද්ධ ජනාවාසකරණය අඛණ්ඩව සිදුවන බවට ආණ්ඩුවට දිගටම

චෝදනා එල්ල වෙමින් පවතී.


” දෙමළ බහුතරයක් වෙසෙන අම්පාර, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකළපුව, මුලතිව් ප්‍රදේශවල බෞද්ධ පුරා වස්තු තියෙනවා කියලා ජනයා ඉවත් කරලා කැනීම් කරන්න යනවා. ඒ අවට සිංහල හමුදා ඇතුළු පවුල් 3000 ක් පදිංචි කරන්න සැලසුම් කරනවා.මේක භයානක තත්වයක්,” යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පවසයි.


වන රක්ෂණ දෙපාර්තමේන්තුව ද නොයෙකුත් ගැසට් නිකුත් කරමින් දෙමළ ජනයා සතු පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීම නිසා ඔවුන්ට පදිංචි වීමේ ගැටළු මතුව ඇතැයි ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ, වන සංරක්ෂණ, වනජීවි, ඉඩම් සහ මහවැලි අමාත්‍යංශ වැය ශිර්ෂ විවාදයට එක්වෙමිනි.


” වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශය දකුණේ දී සැලකෙන්නේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන අමාත්‍යංශයක් විදිහට.  ඒත් උතුරු නැගෙනහිර දී දෙමළ ජනයාගේ ජීවත්වීමේ අයිතිය අහිමි කරමින්, ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ආක්‍රමණය කරන්න මේ අමාත්‍යංශය යටතේ ඇති සියළුම දෙපාර්තමේන්තු වැඩ කරනවා.”

 

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පෙන්වා දෙන්නේ, ආරක්ෂක අමාත්‍යංශය, මහවැලි අමාත්‍යංශය,  මහවැලි අධිකාරිය, සංචාරක මණ්ඩලය, වන ජීවි හා වන රක්ෂණ අමාත්‍යංශය උතුරු නැගෙනහිර දෙමළ සමාජය විනාශ මුඛයට ඇද දමන බවයි.

 

” ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේ ඉදන්ම 2009 වෙනකම් දෙමළ ජනයාට එරෙහි සංහාරය දිගටම කර ගෙන ආවා. හමුදා සංහාරයෙන් බේරෙන්න ඉන්දියාව, යුරෝපය වගේ රටවලට පළා ගිහින් යළි ඇවිත් පදිංචි වෙන්න බලනකොට ඒ ඉඩම් වන රක්ෂණයට අයත් කියලා පදිංචියට ඉඩ දෙන්නේ නැහැ.”


මෙසේ අත්පත් කර ගත් දෙමළ ජනයා සතු පාරම්පරික ඉඩම් ආණ්ඩුව විසින් නිදහස් කළ යුතු බව පවසන TNPF ලේකම්වරයා, යුද්ධය අවසන්ව වසර 13 ක් ඉක්ම ගියද උන්හිටි තැන් අහිමිවුවන්ට තවමත් සිය ඉඩම් වල පදිංචිවීමේ ඉඩ ප්‍රස්ථා අහුරා ඇති බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions