සමගි ජන බලවේගයට සහය පළ කළත් කිසිවිටෙකත් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්රකාශ කළාය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කරන මඩ ගැසීම් හමුවේ තමන් කිසිවිටෙකත් අත් නොහරින බවද ඇය පැවසුවාය.
“අරගලය කාලේ මම කිසිම දේශපාලන පක්ෂයකට උදව් කළේ නැහැ. මම කවදාවත් රාජපක්ෂලාට ඡන්දය දීලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළ පමණින් මම අත්හරින්නේ නැහැ. මට මගේම තීරණ ගැනීමේ අයිතිය තියෙනවා,” ඇය පැවසුවාය.