Home » ජවිපෙ මර්ධනයක් ගෙන්වා ගනීද? – රටේ රාළ

ජවිපෙ මර්ධනයක් ගෙන්වා ගනීද? – රටේ රාළ

by Plus One

ජවිපෙ සම්බන්ධ සාකච්ඡාව 1965 ඉඳන් ලාංකික සමාජයේ තිබුණ එකක්.ජවිපෙ සම්බන්ධව අපේ රටේ ජනතාවට තියෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයක්. ඉතිහාසයේ එක් එක් සන්ධිස්ථානවලදී ඒ ප්‍රතිචාරයේ වෙනස්කම් වෙලා තියනවා.ඒක සාධනීය පැත්තට වගේම නිශේධනීය පැත්තටත් වෙලා තියනවා.ඉතිහාසය පුරාම ජවිපෙට එකතුවුනේ දේශපාලන වශයෙන් කළකිරුණු සහ වෛරය මුසු හැගීමෙන් ආපු අය.

හැබැයි මොන අදහසකින් ආවත් එයාලා පක්ෂයට අවශෝෂණය කරගැනීමේ වැඩපිලිවෙලක් ජවිපෙට තිබුණා.ඒ වෙනුවෙන් හදපු සංවිධාන සහ අධ්‍යාපන වැඩපිලිවෙලක් තිබුණා.විජේවීර ඇතුළු නායකයන් දුන්න ආදර්ශ හරහා ජවිපෙ ඇතුලේ විශිෂ්ඨ සංස්කෘතියකුක් ගොඩනැගිලා තිබුණා.හැම තැනකදීම ජවිපෙට තිබුණ අවිය උනේ මේ මතවාදී සහ සංවිධාන අවිය.ඒක නිසා කලකිරීමෙන් හරි, වෛරයෙන් හරි ජවිපෙට ආපු අය ජවිපෙ ඇතුලේ සංවිධානාත්මකව සහ දැනුවත්ව දේශපාලනය කරන පිරිසක් බවට පත්වුනා.

බලය ගැනීම සම්බන්ධව වගේම බලය පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියේදී ලැබෙන රාජ්‍ය බලයට අමතරව ඒ වෙනුවෙන් පහුණුව ලබපු, දැනුවත් සහ ධෛර්යය සම්පන්න බලවේගයක් ජවිපෙ ඇතුලේ හිටියා.හැබැයි අද ජවිපෙ කියන්නේ මතවාදීව නිරවුල්,විනයක් සහ සංවිධාන හැකියාවක් තියන පක්ෂයක් නෙවෙයි,සියල්ල මුදල් මත තීරණය වෙන පක්ෂයක්.අද ජවිපෙ කරන අසාමාන්‍ය වියදම් රටාවෙන් ඒක පේනවා.

සමහර කරුණුවලදී ජවිපෙ රනිල්ටත් වැඩිය ලිබරල්.උදාහරණයකට ගත්තොත් පහුගිය දවසක ජවිපෙ සමාජවාදී කාන්තා සංගමයේ නායිකාව වන සමන්මලී කිව්වේ මාලිමා රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා.මුලදී හරිනී ඕක කියනකොට හදුනෙත්තිලා එහෙම එකක් නෑ කියලා කිව්වා.දැන් සමන්මලී පක්ෂයේ මතය විදිහට සහ මාලිමාවේ වැඩපිලිවෙලේ කොටසක් විදිහට ගණිකා වෘත්තිය නිතිගත කිරීම තියන බව කියනවා.

කොහොම උනත් ඒ ගැන හෙට වෙනම ලිපියකින් කතා කරමු.ඊළඟට ජවිපෙ වැඩවසම් ලක්ෂණ සහිත මතයක් තමයි ගොඩක් වෙලාවට නියෝජනය කරන්නේ.ඔයාලට මතක ඇති පහුගිය දවස්වල ලාල් කිව්වේ බලය ගත්ත ගමන් රාජ්‍ය බලය යොදලා මර්ධනය දියත් කරනවා කියලයි.ඒ අර පැරණි විප්ලවය කියන සංකල්පයෙන් ගෙනාපු වලිග කෑලි.ජවිපෙ සාමාජික සහෝදර,සහෝදරියන් ” පෙරළුනු නැව්ම් පස “පොත කියවලා ඇති.

ඇත්තටම ඒ පොතත් එක්ක බලද්දී ලාල් හරියට මකාර් වගේ.බලය ගත්තම ගමන් ගෙවල් කඩන්න,කූකුළු කොටු වලට පනින්න,වෙන වෙන කොටු පනින්න බලාගෙන ඉන්න කෙනෙක්.ලාල්ගේ ඒ වීඩියෝ කෑල්ල ඇතුලේ ලෙනින් සම්පුර්ණයෙන්ම විකෘති කරලා තිබුණා.කොහොම උනත් ජවිපෙ මේ අඳබාල දේශපාලන භාවිතාව විසින් ජවිපෙ නොසිතන උඟුලක වැටෙන්න ඉතා ආසන්නයි කියලයි රටේ රාළ හිතෙන්නේ.ඒවට ලාල්ලාගේ මේ ගොං කතා ඕනිවටත් වැඩියෙන් පාවිචිචි කරගන්න පුළුවන්.

ලාල් බලය අරන් ඉස්සෙල්ලාම මරන්න හිතාගෙන ඉන්නේ අපිව බව අපි දන්නවා.ඒත් අපිට නං ජවිපෙ කිසිවෙකුගේ මයිලකටවත් අත තියන්න ඕනි නෑ. ඒක නිසයි රටේ රාළ අද තීරණය කළේ මේ කතාව ජවිපෙට කියන්න.ජවිපෙට ගහන්න ඕනි නං තවමත් භාවිතා නොකරපු අවි අපි ළඟ තියනවා. හැබැයි ජවිපෙ මේ ඉල්ලං කන්න හැදීම ගැන නං කම්පනයක් රටේ රාළට තියනවා.රටේ රාළ කියන්නේ ජවිපෙ වේගයෙන් අවධානම් සීමාවට යමින් තියනවා කියලයි.

උදාහරණයක් ගත්තොත් ජවිපෙ වෘත්තීය සමිති කියන්නේ මේ රටට හානිකර කණ්‌ඩායමක් කියන මතය සමාජයේ තියනවා.මොකද අපේ රටේ රාජ්‍ය සේවයේ වෘත්තිය සමිතිවල දැවැන්ත බලයක් ජවිපෙ නියෝජනය කරනවා.ඒවා හරහා හැම වෙලාවෙම ජවිපෙ බලන්නේ රට අරාජික කරන්න. ඒ චෝදනාව කෙලින්ම ජවිපෙට එල්ල වෙනවා. ඇත්තටම ඒ කතාවේ සාධාරණ ඇත්තක් තියනවා.

සමහරවිට ජවිපෙට ෂොට් එක දෙන්න ඕනි නං ඒකට මේ වෘත්තිය සමිති ක්‍රියාවලියම යොදා ගන්න පුළුවන්.රට ඉස්සරහ මහා ලොකු චණ්ඩි වගේ ඉන්න ජවිපෙ වෘත්තිය සමිති නායක තොත්ත බබාලා ආයෙත් පක්ෂයට විනාශය කැඳවාගෙන එන්න හදනවාද කියන ප්‍රශ්නය අපි ඉස්සරහා තියනවා.රටේ රාළ ඒකට එක උදාහරණයක් කියන්නම්.අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු හැරුණට පස්සේ ‍හෙඳ,පරිපූරක සහ සුළු සේවක වෘත්තීය සමිතිවල සැලකිය යුතු බලයක් ජවිපෙට තියනවා.

දැන් වෛද්‍යවරුන්ට දෙන දීමනාව සම්බන්ධව උද්ඝෝෂණයක් ‍සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියනවා.රටේ රාල මීට කලින් ලිව්ව ” ෆන් දේශපාලනයට තිත තියමු ” ලිපියෙන් කිව්වේ වෛද්‍යවරුන් විතරක් ඒ දීමනව දීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අරගලයක් නිර්මාණය වෙන්න බවයි.ඒ වගේම ඒක මෝඩ තීරණයක් කියලත් රටේ රාළ කිව්වා.රටේ රාළ ඇහුවේ ඒ තීරණයට ගන්නකොටම රනිල් කැබිනට් එකේ නිදාගෙනද හිටියේ කියලයි.

පස්සේ බලනකොට තමයි දන්නේ ඒ කැබිනට් එකේ ඇහැරලා හිටලා තියෙන්නේ රනිල් විතරයි.අනිත් ඔක්කොම නිදාගෙන හිටලා තියෙන්නේ. වෛද්‍යවරුන්ට ‍මේ දීමනාව ලබාදීමේ කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ සෞඛ්‍ය ඇමති රමේෂ් නෙවෙයි.ඒක දාලා තියෙන්නේ ජනාධිපති රනිල්. මේ කැබිනට් පත්‍රිකාව පාස් කිරීමෙන් සෞඛ්‍ය සේවයේ දැවැන්ත අර්බුදයක් එන බව රනිල්ට නොතේරෙන්න බෑ.ඒක තේරෙනවා නං ඇයි මේක දාන්නේ.එතන ප්‍රශ්නයක් තියනවා

එක්කෝ මෙහෙම සටනක් ගෙන්න ගන්න ඕනි වෙලා.සෞඛ්‍ය සේවයේ බෙදීමක් කාට හරි ඕනි වෙලා.ඒ එක්කම මාධ්‍යවල පළ වෙලා තිබුණේ වෛද්‍යවරුන්ට ‍ලබාදුන්න දීමනාව අපටත් ඕනි කියලා උද්ඝෝෂණ සහ වැඩවර්ජන පටන් ගන්න උපදෙස් නිකුත් කරලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කියලයි.ප්‍රශ්නයත් එතනින් හදලා,අරගලයත් එතැනින් හැදුවාද කියන සැකයක් තියනවා.ප්‍රශ්නය එතනින් හදලා, අරගලයත් එතනින් හදලා විසදුමත් එතනින් හදනවා නං කමක් නෑ.ඒක දේශපාලනිකයි.

ඇත්තටම රටේ රාළට මෙතනදී මෙහෙම සැකයක් තියනවා.ප්‍රශ්නය හදලා,අරගලයත් හදලා බිල්ලක් ගන්නද මේ හදන්නේ කියලා.දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෘත්තිය සමිති එක්ක ජනතාව ඉන්නේ මල පැනලා.දැන් දොස්තරලා අනිත් සේවකයන්ගෙන් වෙන් කරගෙන.දැන් දොස්තරලාට සළකලා.අනිත් අයට මල පැනලා.එයාලා කියන්නේ දොස්තරලා දුන්න හින්දා අපිටත් ඕනි කියලා.

දොස්තරලා අහන්නේ සෞඛ්‍ය සේවයේ සුළු සේවකයොයි දොස්තරලයි සමානද කියලයි.දැන් සෞඛ්‍ය සේවයේ රන්ඩුව හැදිලා තියෙන්නේ දොස්තරලා සහ අනිත් සේවකයෝ අතර. දෙගොල්ලම ඇවිස්සිලා.රටේ රාළට අහන්නේ මේ ඇවිස්සීම හිතා මතා කළා වෙන්න බැරිද කියලයි.ඊළඟට ඔයාලා දන්නවා ජවිපෙ මර්ධනය කරන්න හදනවා කියන කතාවකුත් යනවා. ජවිපෙත් යටින් ඒ කතාව ගෙනියනවා යනවා. සමහරු අනුර පුම්බන්නත් එහෙම කියනවා ඇති.

ජවිපෙට හිතවත් යුටියුබ් චැනල් කාරයෝ අනුරව මරයි කියලා සැකයි කියලා කියනවා.මේ ගැන පෙටටුගාමීන්ටත් ඉවක් වැටිලා තිබුණා.එයාලටත් මර්ධනය එයි කියන බයෙන් එයාලා ඉන්නේ. ඇත්තටම එහෙම උවමනාවක් තියනවා නං මේ කරන්නේ ඒකට පොටක් හදන එකයි.මොකද එයාලට කියන්න පුලුවන් රටේ මහජන අවශ්‍යතාවයන් සහ එදිනෙදා ජන ජීවිතය කඩාකප්පල් කරන වැඩපිලිවෙලක ජවිපෙ ඉන්නවා කියලා.

ඒ තර්කය ගොඩනගන්න ජවිපෙ මෝඩ වෘත්තිය සමිතිකාරයෝ තෝතැන්නක් හදලා දෙනවා.ලාල් වීරයා වෙන්න කියන ඔලමොට්ටල කතා ඒකට හොඳම පිටුබලයක්.ලාල් ඊයේ පෙරේදා CID එකට කැදවලා තිබුණා.ලාල් කිව්වේ පරණ සහ බොරු ප්‍රශ්ණයක් ඒක කියලා,ඒක එහෙම වෙන්න ඇති. හැබැයි ලාල්ලා කොටු කරන වැඩක් දැන් තියනවා කියලා පැහැදිලියි.ඇත්තටම මර්දනයක් ගේන්න හදනවා කියන සැකය නං රටේ රාළට තදටම තියනවා.

මර්ධනයක් ගෙනාවත් ඒක සාධාරණීකරණය කරන්න ඕනි සියලු පොයින්ට් ලාල් දැන් අනිත් පැත්තට දීලා ඉවරයි.ඇයි ලාල් කිව්වේ එයලා බලය ගත්ත ගමන් කරන්නෙත් මර්ධනය කියලානේ. එහෙනං මේ කරන්නේ ඒ මර්ධනය නවත්වන්න හදන එක කියලා තර්කයක් ගොඩනගන්න පුලුවන්.ජවිපෙට ෂොට් එක දෙන වැඩේ වෘත්තිය සමිතිවලට එරෙහි ක්‍රියාන්විතයක් විදිහට එමින් තියනවද කියලා සැකයක් රටේ රාළට තියනවා.

ඒක නීත්‍යානුකූල කරන කතාව තමයි ලාල්ලා කරන්නේ.රටේ රාළට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.මර්ධනයෙන් බේරෙන්න උපක්‍රම තෝරනවා වෙනුවට ජවිපෙ උපක්‍රම තෝරන්න මර්ධනය මැදට පනින්න.ජවිපෙට ඔය මෝඩ චූන් එක 88/89 ත් තිබුණා.ඒ ආයුධ අතේ තිබුණ හින්දයි.දැනුත් ඒ මොඩ චූන් එක ඇවිත්.ඒ දිනනවා කියන මානසිකත්වය ඔළුවට ගහලා හින්දයි.රටේ රාළට ජවිපෙට කියන්න තියෙන්නේ ආයෙත් සැරයක් ඉල්ලං කන්න හදන්න එපා කියලයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ

වැඩි විස්තර සදහා – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions