Home » ජවිපෙ ගල් අච්චු සහ සජබ ගල් අච්චු – රටේ රාළ

ජවිපෙ ගල් අච්චු සහ සජබ ගල් අච්චු – රටේ රාළ

by Plus One

ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව උඩට එනවත් එක්ක දේශපාලන චලනයන් වේගවත් වෙමින් තියනවා.ප්‍රධාන ධාරා තුනේ අපේකෂකයන් සහ බලවේගයන් ක්‍රමයෙන් සක්‍රීය වෙන්න පටන් අරන්.මේ සක්‍රිය බව නිර්මාණය වෙන්නේ රනිල් ජනාධිපතිවරණයට එනවා කියලා ලන්සා ගහපු දේශපාලන බෝම්බයත් එක්ක.දැන් ආණ්ඩුව ඇතුලෙත්,එජාපය ඇතුලෙත් වේගවත් චලනයන් සිද්ධවෙමින් තියනවා.

රනිල්,සජිත්,අනුර අයිති ප්‍රධාන දේශපාලන ධාරා තුනම සෑහෙන දුරට සක්‍රීයයි.ඒ වගේම තවමත් මහ පොලොවේ දේශපාලන ආධිපත්‍යය දරන්නේ මාලිමාව.රනිල්,සජිත්,අනුර හැරුණාම අනිත් ජනාධිපති අපේක්ෂකයෝ නං බොහෝ දුරට විසිවෙලා ඉවරයි.ඩීපී නිකං වාෂ්ප වෙලාම ගියා. දෙවෙනි පෙල අපේක්ෂකයන්ගෙන් තවමත් යම් තරමකට හරි අල්ලාගෙන ඉන්නේ දිලිත් විතරයි. දිලිත්ටත් ඔය  විදිහට තව වැඩි දවසක් අල්ලාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා රටේ රාළ නං හිතන්නෙ නෑ.

දැන් සටන තියෙන්නේ ප්‍රධාන කදවුරු තුන අතර.ඒ අතරට වෙන තරගකරුවෙකුට එන්න ඉඩක් හැදෙයි කියලා හිතන්න අමාරුයි.තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනකොට දැනට සටනේ තියන මේ හැඩතල වෙනස්වෙලා තියෙන්න පුළුවන්.ඒ වෙනකොට අද තියන තුන් කොන් සටන දෙකොන් එකක් වෙලා තියෙන්නත් පුළුවන්.දැනට නිශ්චිතයි කියන අපේක්ෂකයා විදිහට ඉන්නේ ජවිපෙ අනුර විතරයි.

අනුර ” දැනට ” නිශ්චිතයි කියලා රටේ රාළ කියන්නේ නිකං නෙවෙයි.යම් විදිහකින් රනිල්, සජිත් කදවුර එකක් බවට පත්වුනොත් ජවිපෙ කදවුරේ වෙනසක් නොවුනත් අනුරගේ අපේක්ෂකත්වයේ වෙනසක් වෙන්න පුළුවන්.අනුර කීයටවත් පරදින සටනකට නං එන්නේ නෑ.අනුර දිනන්නේ නැතිවුනත් දැනට දිනන්න පුළුවන් කියන හැගීම අනුරට තියනවා.ඒක කඩා වැටුන සැනින් අනුර අයින්වෙලා හරිනි වගේ බිල්ලක් දාන්න පුළුවන්.

ඒක නිසා මෙතනදී වැඩි අවධානය යොමු වෙන්න ඕනි රනිල් – සජිත් සටන පැත්තටයි.සජිත් සහ රනිල් දෙන්නම දැන් වැඩේට බැහැලා ඉන්නේ.සජිත් කෙලින්ම බැහැලා.රනිල් වටෙන් ගොඩෙන් බැහැගෙන එනවා.හැබැයි රනිල්ගේ බටෑලියන් එකක් වැඩට බැහැලා,තව අය බහින්න ලෑස්ති වෙනවා.සජිත් දැනට කරමින් ඉන්නේ තමන් හදන්න හදන සමගි සන්ධානය වටේ විසිතුරු බඩු එල්ලන එක.

ජීඑල්,ගොඩහේවා,ඩිලාන් වගේ අය,ශාන් විජයලාල්,දයාශ්‍රිත තිසේරා වගේ අය ගෙනත් ඉස්සරහින් එල්ලලා තියනවා.චන්න ජයසුමන සජබයට ගියාට,සජබය ඈතුලේ චන්නට ලොකු විරෝධයක් තියනවා.චන්න බොහෝ දුරට සජබෙන් එළියට විසි වෙන්න පුළුවන්.චන්නත් ඒක දන්නවා. චන්නත් දැන් ඉන්නේ සජබයට ගියේ නෑ වගේ.රටේ රාළ කිව්ව විදිහටම සජිත් සන්ධානයක් හදන්න හදන system එක වැරදියි.

ඒක සන්ධාන හදන නියම සිස්ටම් එක නෙවෙයි. ඒක සන්ධාන හදන රාජපක්ෂ system එක.ඒ සිස්ටම් එකට රාජපක්ෂලා හදපු පොදුජන පෙරමුණ අද සීසීකඩ ගිහිල්ලා.සජිත්ගේ සන්ධානයට වෙන්නෙත් ඒකම තමයි.හදන්නත් ඉස්සෙල්ලා සීසීකට යනවා.ඒක වෙන්න බලපාන තවත් එක ප්‍රධාන හේතුවක් තමයි ජලනිගේ මස්සිනාගේ සජබ පැමිණීම,වාසල තිලකලා හිතන්නෙ සල්ලිවලින් හැමදේම කරන්න පුළුවන් කියලා.

වාසල පැමිණීමෙන් ජලනිගේ බලය තවත් වැඩි වෙනවා.ජලනි සජබය ඇතුලට දෙන පීඩනය තව වැඩි දවසක් තියෙන්න බෑ.අනිවාර්යයෙන්ම ඒක පුපුරනවා.ඒක නිසා සජිත් ඉන්නේ බරපතල අවධානමක.රනිල් පුද්ගලයෙක් විදිහට ජනාධිපතිවරණ කැම්පේන් එකට බැහැලා නෑ. රනිල් කැම්පේන් එකට එන්නේ අප්‍රියෙල්වල. හැබැයි දැන් රනිල් වෙනුවෙන් පොලොවේ යාන්ත්‍රණය ශක්තිමත් වෙමින් තියනවා.

රනිල් ආර්ථික සැලැස්මක් එක්ක තමයි පොලොවට බහින්න හදන්නේ.මෙතනදී රනිල් පාව්චි කරන උපක්‍රමය සන්ධාන ක්‍රියාවලියකදී දියුණු එකක්.ඒක අනෙක් ඒවට වැඩිය හාත්පසින්ම වෙනස්.මේකත් හරියට ගල් අච්චුවයි ස්මාට් ෆෝන් එකයි වගේ.දැන් ජවිපෙ කියන්නේ ගල් අච්චුවක්.හැබැයි විජේවීර ගොඩනගපු ජවිපෙ රටේ දේශපාලනය ඇතුලේ කළේ ස්මාට් දේශපාලන භූමිකාවක්.දැන් ජවිපෙ කරන්නේ එයාලා හදාගත් ගල් අච්වචු තැන් තැන්වලින් තියතියා ඇවිදින එකයි.

එයාලට වර්ථමාන දේශපාලන චලනයන් ගෝචර වෙන්නේ නෑ.ඒවට ගැලපෙන උපක්‍රම තෝරන්න තේරෙන්නේ නෑ.අරගලයෙන් පස්සේ ඇතිවුන දේශපාලන චලනය විග්‍රහ කරගන්න තියා මොකද්ද උනේ කියලා හිතාගන්නවත් ජවිපෙට බැරිවුනා.දැන් මේ ඇතිවෙලා තියන වාතාවරණය ඇතුලේ රට කොහොමද ගමන් කරවන්න ඕනි කියන එක ගැන දිගටම රටේ රාළ බළකාය කතා කළා.

රනිල් ජනාධිපති උන වෙලාවේ රනිල් සම්බන්ධව තියෙන ඉතිහාසගත විවේචනය පැත්තකින් තියලා මෙතනින් එයාට රනිල්ගේ භූමිකාව මොකක්ද කියලා රටේ රාළ කිව්වා.රටට කිව්වා විතරයක් නෙවෙයි රනිල්ට ලියලත් යැව්වා.රනිල්ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක අතේ තමයි ඒ යෝජනාවලිය රනිල්ට යැව්වේ.ඒ යෝජනාවලියෙන් රටේ රාළ කිව්වේ රනිල් දැන් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ දෙන්න ඕනි වගේම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනි කියලා.

ඒ කතාව කියද්දී අද වගේම එදත් ජවිපෙ ගිරාපෝතක කුණුහරප බලකාය අපට මඩ,අවලාද ගැහුවා.මේ කියන භුමිකාව රනිල්ගෙන් සම්පුර්ණයෙන්ම ඉෂ්ඨ උනා කියලා රටේ රාළ හිතන්නේ නෑ.පුර්ණ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වෙන්න,සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න බැරිවුනත් රනිල් ඒ සංකල්ප ඇතුලේ ඉදන් වැඩකරපු කරපු හින්දා රටේ දැන් වෙනස්කම් ගොඩක් සිද්ධවෙලා තියනවා.

ආකෘතිමය වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් නෑ තමයි.හැබැයි රනිල් පුද්ගලයෙක් විදිහට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක්,සර්වපාක්ෂික ආණ්ඩුව කියන කන්ෂෙප්ට් එකේ ඉන්නවා.මේ මතවාදය ඉතා ඉක්මනින් තේරුම් ගත් අනිත් එක්සත් ජාතික පක්ෂ නායකයා තමයි රවී කරුණානායක.ඒ ඇත්ත කියන්න අපි මොනම තත්වයක් යටතේවත් බය වෙන්නේ නෑ.

ඇත්තටම එජාපයේ කිසි කෙනෙක් මුල් මොහොතේ එතන හිටියේ නෑ.රනිල් හැරුණට පස්සේ වේගයෙන් ඒ මතවාදය වැළද ගත්ත සහ ඒ සම්බන්ධව රටේ හඩක් නැගුවේ රවී විතරයි.රවී ඒක ගත්තා.ඒක ගන්න හැකියාව තිබුණේ ගල් අච්චු සංස්කෘතියේ රවීලා හිරවෙලා නොහිටි හින්දයි.ඒකට තමයි අපි ස්මාට් politics කියලා කියන්නේ.දැන් රවී ඒක රටට කියනවා.දැන් ඒ භූමිකාව සක්‍රීය කරන්න රවී වැඩ කරනවා.දැන් රවීලා රට පුරා දුවමින් එජාප යාන්ත්‍රණය සක්‍රීය කරමින් ඉන්නවා.

ඒක practice  කරන්න හදනවා.සිදුවෙන දේ කියවා ගැනීම හැකියාවක් රවීට තියනවා.ඊයේ ලිපියෙන් රටේ රාළ ලන්සා ගැනත් කිව්වේ ඔය කතාව.ඊළඟට විශේෂයෙන්ම සිදුවන දේශපාලන සංසිද්ධි කියවා ගැනීම කියන කාරණයේදී චම්පිකත් සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා.දයාසිරිටත් ඒ හැකියාව යම් පමණකට තියනවා.දයාසිරිට ඒක නොතිබුණා නං දයාසිරිත් මේ වෙනකොට සජිත්ගේ ජනප්‍රියවාදී ගැටයට අහුවෙලා,චරිත හේරත් රටට කියන කතාවලින් චරිතටත් එහෙම කැපෑසිටි එකකක් තියන බව පේනවා.ශ්‍රිලනිපය ඇතුලෙත් එහෙම කීපදෙනෙක් ඉන්නවා.

ඒත් ශ්‍රිලනිපය ඇතුලේ දැන් තියන සංවාදය නිසා නම් කියන එක ගැළපෙන්නේ නෑ.රටේ රාළ කියන මේ අය දේශපාලන කියවා ගන්න දක්ෂයි.හැබැයි ඒක සක්‍රීයව මහ පොලොවට ගලපන්න යද්දී එයාලගේ හැකියාවන් වෙනස්.ඔය දෙකම හොඳට කරන අයත් ඉන්නවා.පාර්මේන්තුවෙන් පිටත දේශපාලනයේදී එහෙම තව ගොඩක් අය ඉන්නවා.ඒකයි රටේ රාළ කියන්නේ තැන්තැන්වල තියන විවිධ දක්ෂතා එකතු කරලා මිටිය බැඳලා කරන සමාජමය මෙහෙයුමකින් තමයි කවදා හරි මේ රට ගොඩදාන්න පුළුවන්.

හැබැයි කොච්චර හැකියාවන් තිබුණත් වැඩක් නෑ දේශපාලන කුහකකම සහ ආසියාතික සමාජය ඇතුලේ තියන වැඩවසම් ලක්ෂණ ටික හලන්න බැරිනම්.කොටින්ම අනුර සහ සජිත්ට තියෙන්නේ ඒ වැඩවසම් වල්ගය හලා දාන්න බැරි එකයි.රටේ රාළ කියන්නේ රටට අවශ්‍ය මතවාදී එකඟතාවය සහ ජාතික එකඟතා වැඩපිලිවෙක් ගේන්න ඕනි නියම සන්ධිස්ථානයට අපි ඇවිත් ඉන්නවා කියලයි.ඒක කලොත් තමයි ඊළඟට එන තීරණාත්මක අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ.

” එහෙම නැතිව ගල් අච්චු ඇතුලේ ඉදන් කයිවාරු ගහන,ලෝකය දකින්න බැරි කයියනායකයලට කවදාවත් මේ රට හදන්න බෑ “

හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions