Home » ජවිපෙ අද (26) ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගත හැකියි – ඇමරිකානු තානාපති කාර්යාලය

ජවිපෙ අද (26) ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලාගත හැකියි – ඇමරිකානු තානාපති කාර්යාලය

by Nirodha Gamage

අද (26) වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන උද්ඝෝෂණය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට අනුව මෙම උද්ඝෝෂණය ප්‍රචණ්ඩ වීමේ අවධානමක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඇමරිකානුවන්ට ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙම නිවේදනය මගින් දන්වා තිබෙනවා.

පහත දැක්වෙන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් නිකුත් කර ඇති නිවේදනය.

ස්ථානය: කොළඹ, ශ්‍රී ලංකාව

සිද්ධිය: අද (පෙබරවාරි 26) පස්වරු 2 ට පමණ වික්ටෝරියා උද්‍යානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සහ වෘත්තීය සමිති කිහිපයක් සැලසුම් කර ඇති බව වාර්තා පෙන්වා දෙයි. සහභාගිවන්නන් 4000 ක් පමණ අපේක්ෂා කෙරේ.

සාමකාමී පෙළපාලි පවා ඉක්මනින් ගැටුම් බවට පත් වී ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය විය හැකිය. පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශවලින් ඉවත්වන්න,විශාල රැස්වීම්, විරෝධතා හෝ පෙළපාලි අවට සිටින විට ප්‍රවේශම් වන්න.

ගත යුතු ක්‍රියාමාර්ග:

පෙළපාලි හෝ පෙළපාලි ඇති ස්ථානවලින් ඉවත්වන්න.
අනපේක්ෂිත ලෙස විශාල රැස්වීම් හෝ විරෝධතා අවට නම් ප්‍රවේශම් වන්න.
යාවත්කාලීනවීම සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන්න.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions