Home » ජවිපෙට එක් වූ මෛත්‍රීගේ හිටපු ලේකම්!

ජවිපෙට එක් වූ මෛත්‍රීගේ හිටපු ලේකම්!

by Nipuna Fernando

මහනුවර කුණ්ඩසාලේ දි පැවැති ජාතික ජන බලවේගයේ බලමණ්ඩලය රැස්විමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගයේ වේදිකාවට එක්ව තිබේ. ජාතික ජනබලවේගයේ ගල්පිහිල්ල, කොට්ඨාස සභාව ආමන්ත්‍රණය කරමින් මෙසේ එක් වී තිබේ. හිටපු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔහු, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ ඔහු ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර 2010-2015 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2015 පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුද්ගලික ලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කරන ලදි. ඔහු කලක් මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත.

එරික් වීරවර්ධනගේ පියා 1994 සිට වරින් වර පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එදිරීවීර වීරවර්ධන මන්ත්‍රීවරයා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions