Home » ජපාන මුදල් ඇමතිත් සජිත්ගේ උපන්දිනයට විශ් කරන්න ඇවිත්

ජපාන මුදල් ඇමතිත් සජිත්ගේ උපන්දිනයට විශ් කරන්න ඇවිත්

by Plus One

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට සංචාරයක නිරත ජපාන මුදල් අමාත්‍යවරයා ඇතුළු ජපාන නියෝජිත පිරිස අතර සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදු විය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය විසින් අත්පත් කරගන්නා ලද නැවත ගොඩනැගීම් ආශ්‍රිත අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි පාඩම් පවතින බව විපක්ෂ නායක පවසා ඇත.

පසුගිය රාජපක්ෂ රජය විසින් හදිසියේ අවලංගු කල කොළඹ සහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය තම රජයක් තුල අනිවාර්‍යෙන්ම කරන බවත් වසර ගණනාවක් පුරා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් JAICA වෙතින් ලද සහාය පිළිබඳව ද විපක්ෂ නායකවරයා ජපාන මුදල් අමාත්‍යවරයාට පවසා ඇත.

නිල හමුවෙන් පසු අද දින් තම ජන්ම දිනය සමරන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනයට ජපාන මුදල් අමාත්‍යවරයා සුභ පැතුම්ද එක් කර ඇත.

මෙම හමුවට ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂිම්, එරාන් වික්‍රමරත්න, නාලක ගොඩහේවා, රොහාන් පල්ලෙවත්ත, මයන්ත දිසානායක, චන්දිම වීරක්කොඩි හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුන සහභාගි වී ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions