Home » ජපානයේ ගුවන් යානා දෙකක් ගැටෙති

ජපානයේ ගුවන් යානා දෙකක් ගැටෙති

by Nirodha Gamage

අද (සෙනසුරාදා) උදෑසන ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේදී ගුවන් යානා දෙකක් ගැටුණු අතර, එහි ධාවන පථ හතරෙන් එකක් තාවකාලිකව වසා දැමීමට එය හේතු විය.

පෙරවරු 11.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර කිසිදු ජිවිත හානියක් වාර්තා වී නොමැත.

අමාත්‍යාංශයට සහ ටෝකියෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අනුව, ගුවන් යානා දෙක පිළිවෙලින් තායි එයාර්වේස් සහ තායිවානයේ ඊවා එයාර්වේස් විසින් ක්‍රියාත්මක කර ඇත.

ඊවා එයාර්වේස් ගුවන් යානයේ සිටි මගියෙකු වාර්තාකරුවන්ට පැවසුවේ යානය පිටත් වීමට බලා සිටියදී “ගැටුම” ඇති වූ බවයි.

තායි එයාර්වේස් ගුවන් යානයේ තටුවක කොටසක් කැඩී ගොස් ඇත.

තායි එයාර්වේස් ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 260 ක් පමණ සිටි අතර ඊවා එයාර්වේස් ගුවන් යානයේ 200 ක් පමණ සිටියහ.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions