Home » ජනාධිපති ව්‍යවස්ථාවත්, පාර්ලිමේන්තුවේ මුදල් බලයත් අවභාවිතා කරනවා

ජනාධිපති ව්‍යවස්ථාවත්, පාර්ලිමේන්තුවේ මුදල් බලයත් අවභාවිතා කරනවා

by Nirodha Gamage

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කදුරුවෙලදී පවතී ජන රැළිය අමතමින් කියා සිටියේ,”අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, පළාත් පාලන නීතියත්, පාර්ලිමේන්තුව සතුව තිබෙන මුදල් බලයත්, රනිල් වික්‍රමසිංහ විසින් අනීතිකව උල්ලංඝනය කර තිබෙනවා” යනුවෙනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කියා සිටියේය.

මාර්තු 09දා පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය කල්ගොස් තිබෙනවා. මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශයට පත්කිරීම, මාර්තු මස 03දාට යෙදී තිබෙනවා. 09 වෙනිදා සිට දින 21ක් ගතවූ පසු දිනයක් ලබාදීමට මැතිවරණ කොමිසමට බලය තිබෙනවා. ඡන්ද ඉතිහාසයේ ඡන්දයක් සඳහා දින නියමකොට, නාමයෝජනා භාරගෙන, ඡන්ද කල්ගිය අවස්ථා ඉතිහාසයේ නෑ. පසුගියදා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා, “ජනතා විමුක්ති පෙරමුණ ජය ගැනීම වළක්වන්න ඡන්දය කල් දමන්න“ කියා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඉල්ලා සිටි බව. රනිල් වික්‍රමසිංහගේ ඡන්දය කල්දැමීමේ වුවමනාවට විපක්ෂයේ ආශීර්වාදය පවා තිබෙන බවයි මේ පවසන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්. ඡන්දය ප්‍රකාශයට පත්කිරීම, ඇප මුදල් භාර ගැනීම, නාමයෝජනා භාර ගැනීම, ඡන්ද දිනය ප්‍රකාශයට පත්කිරීම, ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම, ජයග්‍රහණය කළේ කවුද, ප්‍රකාශයට පත්කිරීම යන මැතිවරණ ක්‍රියාවලියේ සියලුම බලය මැතිවරණ කොමිසම සතුව තිබෙනවා. එය ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට යටත් ආයතනයක් නොවෙයි. මැතිවරණ කොමිසම ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දෙන්න ගොඩනඟා තිබෙන ආයතනයක්. රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසම අඩපණ කළා. භාණ්ඩාගාරයේ ලේකම් කැඳවලා මැතිවරණයට මුදල් දීම වැළැක්වුවා. මුද්‍රණාලයාධිපතිනිය කැඳවලා මුදල් දෙනතෙක් ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම වැළැක්වුවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, පළාත් පාලන නීතියත්, පාර්ලිමේන්තුව සතුව තිබෙන මුදල් බලයත්, රනිල් වික්‍රමසිංහ විසින් අනීතිකව උල්ලංඝනය කර තිබෙනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions