Home » ජනාධිපති රනිල් ගැන නීතීඥ සංගමය ඇයි මේ කළබල

ජනාධිපති රනිල් ගැන නීතීඥ සංගමය ඇයි මේ කළබල

by Nirodha Gamage

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේදී කිසිම නීතිඥයකු දේශපාලනයේ නිරත වන බව සඳහන් නොකළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මැතිවරණ කොමිසම නියෝජනය කිරීම සඳහා පෞද්ගලික නීතිඥයකු බාහිරින් තෝරා ගැනීම සම්බන්ධයෙන් සමහර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එතුමා සමඟ ප්‍රකාශ කළ දේ පමණක් ජනාධිපතිවරයා සිය කතාවේදී සිහිපත් කළේ යැයි ඔහු කියා සිටියේය.

එසේ තිබියදී ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි ගැටළුවක් මතුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ සංස්කරණය නොකළ සම්පූර්ණ කතාව හැන්සාඩ් වාර්තාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනපති කතාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් හැන්සාඩ් වාර්තාව මඟින් සැක දුරු කරගත හැකි බවද ඔහු සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions