Home » ජනාධිපති මන්දිරය සඳුන් උයනට

ජනාධිපති මන්දිරය සඳුන් උයනට

by Nirodha Gamage

රුපියල් මිලියන 300 ක වියදමින් ඉදිකරන ලද ජාතික ‘සඳුන් උයන’ භූමියේ නව ජනාධිපති නිල නිවසක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රය යොදා ගැනීමට තීරණය කර ඇති බැවින් සඳුන් උයනේ නව ජනාධිපති මන්දිරයක් සහ ලේකම් කාර්යාලයක් ඉදිකිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයේ අක්කර නවයක ප්‍රදේශයක සකස් කර ඇති සඳුන් උයන ඒ සඳහා සුදුසු බවට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ද නිර්දේශ කර ඇත.

ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අග්‍රාමාත්‍ය නිල නිවස සඳුන් උයන ආසන්නයේ පිහිටි වෙනත් ඉඩමක වෙනත් ස්ථානයකට ගෙන යාමට ද තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය අසල පිහිටි වෙනත් ඉඩමකට ගෙනයාමේ හැකියාව සොයා බලන ලෙසත්, මෙම ඉදිකිරීමට අවශ්‍ය ඉඩකඩ අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට දන්වා ඇත.

සඳුන් උයන ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඉදිකර විවෘත කරන ලදී.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 300ක වියදමින් රතු හඳුන් පැල 300ක් සහ සුදු හඳුන් පැල 900ක් උද්‍යානයේ සිටුවා ඇත.

මෙම උද්‍යානය 2021 ජූලි 20 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට සැලසුම් කර තිබුණද එය විවෘත කළේ ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions