Home » ජනාධිපතිවරණයට මෛත්‍රීපාල පෙරටු කරගත් සංධානයක්, කවුරුත් නොහිතන තුරුම්පුවක් අදින්න සූදානම

ජනාධිපතිවරණයට මෛත්‍රීපාල පෙරටු කරගත් සංධානයක්, කවුරුත් නොහිතන තුරුම්පුවක් අදින්න සූදානම

by Plus One

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවත් ඉන් පසුව මධ්‍යම කාරක සභාවත් කැදවා තිබුනා.

කෙටි කාලයක් තුල මෙම රැස්වීම් දෙකම කැදවා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට අදාලව ඉක්මන් තීර්ණයක් ගැනීමට බව වාර්ථා වනවා.

පසුගිය 2019 ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ ලබාගත් 69 ලක්ෂයක ජන්ද ප්‍රමාණය රටේ ඇති වී ඇති රාජපක්ෂ විරෝධය සමග සීසීකඩ විසිරි ඇති බව අප කාටත් නොරහසකි. නමුත් එම ජන්ද දායකයන්ගෙන් බහුතරයක් ශ්‍රිලනිපට එක් කර ගත හැකි බව මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමේ තක්සේරුවයි.

පොදුජන පෙරමුණට ලැබුණේ ඇත්තෙන්ම ශ්‍රීලනිප ජන්දයි. එම නිසා එම ජන්ද දායකයින් මහ ගෙදරට සම්බන්ධ කර ගැනීමට ශ්‍රිලනිප වැඩ පටන් ගැනීමට යන බවක් ආරංචි වනවා.

නමුත් එය තනියෙන්ම කලනොහැක.

පැරණි ශ්‍රිලනිප පතාකයන් ටිකක් අවශ්‍යය. එම නිසා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් සන්ධායක් නිර්මාණය කිරීමට මෛත්‍රීපාල මහතා සැරසේ. එම වැඩකටයුතු කිරීම සදහා අද දින ලහි ලහියේම පක්ෂයේ විධායක සභාව හා මධ්‍යම කාරක සභාව කැදවා සන්ධානය නිර්මාණය කිරීමේ යෝජනාව සම්මත කරගැනීමට මෛත්‍රීපාල මහතා කටයුතු කොට ඇත.

මධ්‍යම කාරක සභාව අවසන්ව පිටව යන විට හිටපු ජනාධිපතිවරයා මාධයට කියා සිටියේ ” ඉදිරි දින දෙක තුන තුල සතුටුදායක පණිවිඩයක් තමන් රටට ලබා දෙන බවයි.”

එමෙන්ම තවත් කවූරුත් නොහිතන පිරිසක් පක්ෂය සමග එක්වන බවද හෙතෙම කියා සිටියේය.

වසර කිහිපයකට පසු අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ ජන්ම දින සැමරුමටද ශ්‍රිලනිපය නිල වශයෙන්ම සම්බන්ධ විය.

මැතිවරණ දිනෙන් දින ලංවන අතර උණුසුමද වැඩිකරමින් මෙවර සිරිසේන මහතා අදින්න හදන තුරුම්පුව ලේසි පහසු එකක් නොවන බව ඔහු අවසානයේ ඉගියක් ලබාදෙමින් කියා සිටියේය

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions