Home » ජනමාධ්‍ය ඇමති මනුෂ

ජනමාධ්‍ය ඇමති මනුෂ

by Nirodha Gamage

අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග පසුගියදා ජනාධිපති නිල නිවසේ පැවති හමුවකදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සහ ‘ජනමාධ්‍ය’ විෂය පථය කඩිනමින් වෙනස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙනුවට අමාත්‍ය මනූෂ නානායක්කාර පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇති බව ජාතික පුවත්පතක් ප්‍රකාශ කළා.

මේ අතර තවත් සතිපතා පුවත්පතක් වාර්තා කළේ මැයි මුල් සතියේ රජයේ ඉහළ තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇති බවයි.

ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තනතුරු කිහිපයක් වෙනස් විය හැකි බව එයින් ඇඟවීය.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර මූලික අදහස් හුවමාරුවක් දැනටමත් සිදුවී ඇත.

ඒ සඳහා නැකැත් ද සූදානම් කර ඇති බවයි එම පුවත්පත වාර්තා කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions