Home » ජනපති රනිල්ගේ පරස්පර විරෝධී අයවැයක්

ජනපති රනිල්ගේ පරස්පර විරෝධී අයවැයක්

by Plus One

2023 Budget අංගුලිමාල – ලිපි අංක 01

2023 අයවැයෙහි ජනපති රනිල් ගෙනන පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කිරීමේ දී අතිශය ගැටළුකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

රටේ ප්‍රමුඛතම අනාගත ආයොජනය වන පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රු බිලියන 237 ක් පමණක් වෙන්කර තිබීම අතිශය කණගාටුදායක කරුණකි.

ලෝකයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල ගණනාවක ශාඛා ශ්‍රි ලංකාවේ ස්ථාපනය කිරීමට 2023 අයවැය යෝජනවෙන් ජනපති රනිල් අපේක්ෂා කෙරුවත් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ඉතා අඩු මුදලක් වෙන්කිරීම විමතියට කරුණකි. අති විශාල ආයෝජනයක් රට තුළ ඇති කිරීමට නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කිරීම අයවැයේ කාර්යභාර්යයි.

කෙසේ වෙතත් එකිනෙකට පස්සපර විරෝධී යෝජනාවලියක් හා අයවැය ප්‍රතිපාදන වෙන්කිරීමක් සහිතව රටේ අධ්‍යාපනය ඉදිරියට ගෙනයාමේ ජනපති රනිල්ගේ දැක්ම ප්‍රශ්නාර්තයකි.

මෙම තත්වය තුළ දී අධ්‍යාපනය වැනි අනාගත ආයෝජනයකට වෙන් කර ඇත්තේ රු බිලියන 237ක් පමණ සුළු මුදක් වුවත් යුද්ධයක්වත් නැති රටක ආරක්ෂක වියදම් සදහා රු බිලියන 500කට අධික මුදල් වෙන්කිරීමක් කිරීම තුළින් පෙනී යන්නේ වත්මන් ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය සඳහා ඇති ස්ථානය පහත් තැනැක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ජ.වි.පේ අදහස සම්බන්ධයෙන් මේ දින වල සමාජ මාධ්‍ය දැඩි පෙරළියකට පත් කර ඇත. ඒ පසුගිය දා ජවිපේ නලින්ද ජයතිස්ස සහෝදරයා සිදු කළ ප්‍රකාශයක් අලලාය.

නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයට අනුව ජවිපය පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා අකමැත්තක් නොදක්වන බව හෙළි වෙයි. කෙසේ වෙතත් ජනතාව තුළ ඇති මතය වන්නේ ජ.වි.පය හා පෙරටුගාමීන් පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා විරුද්ධ බවයි.

මේ පිළිබඳව අප කළ සමාජ මාධ්‍ය විමර්ශනයක දී අපට හෙළි වුයේ ජ.වි.පය 2019 පමණ සිට පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රමවේදයට එකඟ බවත්, එම පෞද්ගලික විශ්වවිද්‍යාල රජයේ නියාමනයට යටත්ව සිදුකළ යුතු බවත් ප්‍රකාශ කර ඇති බවයි.

එසේම ජනපති රනිල් වික්‍රමසිංහ පවා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා විරුද්ධව කටයුතු කරන්නේ පෙරටුගාමී පමණක් බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions