Home » ජනපතිට රට යන්නයි, වාහනවලට පෙට්‍රල් ගහන්නයි තව ලක්ෂ 2000ක් ඉල්ලනවා, මේකද රනිල්ගෙ මූල්‍ය විනය – අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කල හෙළිදරව්ව

ජනපතිට රට යන්නයි, වාහනවලට පෙට්‍රල් ගහන්නයි තව ලක්ෂ 2000ක් ඉල්ලනවා, මේකද රනිල්ගෙ මූල්‍ය විනය – අනුර කුමාර පාර්ලිමේන්තුවේදී කල හෙළිදරව්ව

by Plus One

මුදල් අමාත්‍යංශය මගින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කලේය. ඒ සම්මත වූ අයවැයට වඩා අතිරේකව තවත් වියදම් ප්‍රමාණයක් ලබා ගැනීම සදහායි.

මෙම පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන ලදී.

ඒ මහතා පෙන්වා සිටියේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට පියවර ගැනීම සදහා ලක්ෂ 13,000ක් වෙන් කර ඇති බවයි.

තවද ජනාධිපතිවරයාට විදේශ සංචාර, වාහන නඩත්තුවට හා ඉන්ධන සදහා තවත් රුපියල් ලක්ෂ 2,000ක් ද මෙමගින් ඉල්ලා ඇති බවයි.

අනුර කුමාර ප්‍රශ්න කර සිටියේ ටෙලිකොම් ආයතනය විකිණීමට පියවර ගැනීමට ලක්ෂ 13000කුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් හට රට සවාරි යන්න හා වාහන නඩත්තු කිරීමට ලක්ෂ 2,000කුයි අතිරේකව ඉල්ලීම රටේ මූල්‍ය විනය කඩ කිරීමක් බවයි.

හෙතෙම පෙන්වා දුන්නේ අපේ රටේ මූල්‍ය විනය පළමුව රැකිය යුත්තේ ජනාධිපතිවරයා බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions