Home » ඡන්දය ඉල්ලා ලක්ෂ 10 ක් අත්සන් තබයි: ඔබත් එකතුවන්න!

ඡන්දය ඉල්ලා ලක්ෂ 10 ක් අත්සන් තබයි: ඔබත් එකතුවන්න!

by Nirodha Gamage

මේ වසරේ මාර්ති 09 වනදා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය මුදල් නොමැති බව දක්වමින් කල් දැමු අතර මැතිවරණ කොමිසම විසින් යළි අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසු දිනය ලෙස නම් කර තිබේ. නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මේ වන විටත් මුදල් ලබා දී නොමැති අතර අප්‍රේල් 25 වනදාට ද මැතිවරණය පැවැත්වීම පිළිබඳ යළි අර්බුධයක් මතුව තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූළික අංගයක් වන නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම මගහරිමින් ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩපිළිවෙලට එරෙහිව “මට පෙර රට” තරුණ සංවිධානය විසින් දස ලක්ෂයකගේ අත්සනින් යුත් Online පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබේ.මේ මගින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමටත් ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩපිළිවෙල ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත දැනුම් දීමටත් නියමිත පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණය දිනාගැනීමටත් අපේක්ෂා කෙරේ.

ඔබත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙරට එන්න පහත ඇති පෝරමය පුරවා දස ලක්ෂයේ පෙත්සමට එකතු වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdOXqMTvs8ovtkrEKz3UjCGpd8bsK8cupPJt1jIdxyb1B03AA/viewform

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions