Home » චාල්ස් රජුට පිළිකාවක්

චාල්ස් රජුට පිළිකාවක්

by Plus One

එංගලන්තයේ 3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල්දමා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පිළිකා වර්ගය පිළිබඳව අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

චාල්ස් ඔහුගේ රෝග විනිශ්චය පිළිබඳව ඔහුගේ පුතුන් දෙදෙනාටම පෞද්ගලිකව දැනුම්දී ඇති අතර වේල්ස් කුමරු ඔහුගේ පියා සමග නිරන්තර සම්බන්ධකම් පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

එක්සත් ජනපදයේ වෙසෙන සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු තම පියා සමග කතා කර ඇති අතර ඉදිරි දිනවලදී ඔහු බැලීමට එක්සත් රාජධානියට යාමටද නියමිතයි .

රාජ්‍ය නායකයාට නිල රාජකාරි ඉටු කිරීමට නොහැකි වූ විට ඒ සඳහා ව්‍යවස්ථාමය යාන්ත්‍රණයක් තිබෙන අතර ඒ අනුව එවැනි තත්ත්වයක් තුළ රජතුමා වෙනුවෙන් පෙනී සිටීමට රාජ්‍ය උපදේශකයින් පත් කළ හැකියි .

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions