Home » චම්පික මාවතගමට

චම්පික මාවතගමට

by Plus One

එක්සත් ජනරජ පෙරමුණේ නායක හිපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ආසනයේ ජනතාව සමග සුහද කතිකාවක් මාවතගම, කොටිකාපොළ රශ්මි උත්සව ශාලාවේ දී ඊයේ දින (6) පැවැත්විණි.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් වර්ණසූරිය මහතා සහ මාවතගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දුලිත ඒකනායක මහතා එක්ව සිටීම විශේෂත්වයකි.

එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් මෙම අවස්ථාවට එම පක්ෂයේ තරුණ අංශයේ නායක තීක්ෂණ ගම්මන්පිල මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක තුෂාර වීරරත්න මහතා ද එක්ව සිටියේය. මෙම හමුව සංවිධානය කරන ඇත්තේ ජයන්ත කපිල ඉඹුල්මල්ගම මහතා විසිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions