Home » ගෝඨා Fail රනිල් Pass

ගෝඨා Fail රනිල් Pass

by Nirodha Gamage

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කිරීමෙන් තම පක්ෂය බලාපොරොත්තුවූයේ ඔහු ඍජු තීරණ ගෙන රට ඉදිරියට ගෙන යාම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ එවැනි සෘජු තීරණ නොගත් බවත් තමන්ට හිතවත් කිහිප දෙනෙකුගේ මතයට අනුව කටයුතු කිරීම හේතුවෙන් එම තනතුරෙන් ඉවත් වීමට සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ තම පක්ෂය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර පසුව ඔහුව ජනාධිපතිවරයා ලෙස පත් කළ බවත් රට තුළ සාමය ඇති කර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඇති කර ආර්ථිකය වර්ධනය කිරීමට බලාපොරොත්තු වූ බවත් ඒ දෙකම සාර්ථකව ඔහු ඉටු කළ බවත්ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions