Home » ගෝඨාගේ සුදුවෑන් කතාව ඇත්ත: ජීවිත අවධානම නිසා බොරු කිව්වා

ගෝඨාගේ සුදුවෑන් කතාව ඇත්ත: ජීවිත අවධානම නිසා බොරු කිව්වා

by Nirodha Gamage

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි මතභේදාත්මක සුදු වෑන් නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් අද මහාධිකරණ නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා හමුවේ කළ රහස් ප්‍රකාශය අසත්‍ය එකක් බව පිළිගත්තේය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට බලපෑම් කළ බව නඩුවේ දෙවන පැමිණිල්ලේ සාක්ෂිකරු වන අතුල සංජීව මදනායක කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.

මෙම නඩුවේදී 2019-ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික චරිතය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ලබාදීම ඇතුළු චෝදනා දාහතරක් යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රූමි මොහොමඩ්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබුණා.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂිකරු මදනායක මහතා කියා සිටියේ සුදු වෑන් මාධ්‍ය හමුවේදී තමන් පැවසූ දෙය තමාගේ ජීවිතයේ අත්විඳීමට සිදුවූ සත්‍ය සිදුවීමක් බවයි. කෙසේ වෙතත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ බලපෑම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට අසත්‍ය ප්‍රකාශයක් කිරීමට තමන්ට සිදු වූ බව ඔහු කියා සිටියා. පවුලේ යහපැවැත්මේ වැදගත්කම ගැන සිතා තමාට මෙම අසත්‍ය ප්‍රකාශය කිරීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකරු සරත් කුමාර මහතා සාක්‍ෂි දීමට අධිකරණයට නොපැමිණිම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

ජනාධිපතිවරණයට පෙර 2019 නොවැම්බර් 10 වැනි දින සුදු වෑන් මාධ්‍ය හමුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා දාහතරකින් සමන්විත චෝදනා ගොනු කර තිබුණි. මෙම ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවට පැමිණ සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ වටරැක ගමගේ අතුල සංජීව මදනායක මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions