Home » “ගෙවුණු මාස 10 තුළ සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි ‍දොළොස්දාහක්”

“ගෙවුණු මාස 10 තුළ සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි ‍දොළොස්දාහක්”

by Plus One

ගත වූ මාස 10 තුළ සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක් වාර්තා වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසුවේ ය.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර සංසදයට මෙම සිද්ධි වාර්තා වී ඇතැයි ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් සහ ළමයින් හිංසනයට පත්කිරීමේ සිදුවීම් වාර්තා වී ඇති අතර මෙවැනි සිද්ධි පිළිබඳව මවුපියන් හා තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙරට ආර්ථීකය නගා සිටුවීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය උපයෝගි කර ගැනීමට ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ජාතික තරුණ සේවා සභාවේ බටන්ගල පුහුණු මධ්‍යස්ථානයේදී තරුණ තරුණියන් 200ක් සඳහා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හා කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට නියමිත බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊයේ (දෙසැ. 1) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions