Home » “ගෙදර ගංජා වවන මන්ත්‍රී කවුද?”: හර්ෂණ මැතිසබයේදී ප්‍රශ්න කරයි

“ගෙදර ගංජා වවන මන්ත්‍රී කවුද?”: හර්ෂණ මැතිසබයේදී ප්‍රශ්න කරයි

by Plus One

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසක ගංජා වගා කර ඇති බවට වාර්තා වී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තුවේදී ඊයේ (දෙසැ. 1) අනාවරණය කළේ ය.

අධ්‍යාපන, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශ සඳහා වන අය-වැය විවාදය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු ගැලරියේ සිසුන් සිටින නිසා එසේ පැවැසීමට ලැජ්ජා වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා,

“මන්ත්‍රීවරයකුගේ නිවසේ ගංජා වගා කර ඇති බවට සමාජ වෙබ් අඩවි සහ ඉන්ටර්නෙට් මාධ්‍යවල ප්‍රවෘත්ති පළවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල මාධ්‍යයක ද වීඩියෝවක් පළ කර තියෙනවා. සාමාන්‍ය පුද්ගලයකුගේ නිවසක ගංජා වැව්වොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අප දන්නා කරුණක්.”

එබැවින් මේ පිළිබඳව කතානායවරයාගේ අවධානය යොමු කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions