Home » ගිලුණු රට ගොඩගන්න රටම භාරගන්න යැයි මල්වතු මහනායක හිමි අනුර කුමාරට යෝජනා කරයි

ගිලුණු රට ගොඩගන්න රටම භාරගන්න යැයි මල්වතු මහනායක හිමි අනුර කුමාරට යෝජනා කරයි

by Plus One

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ විධායක සභික ලාල් කාන්ත මහතා ඊයේ ( 19 ) දින මහනුවර අස්ගිරි – මල්වතු මහ නායක හිමිවරුන් බැහැ දුටුවා.

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දුටු අවස්ථාවේ පැරණි පක්ෂ දෙකේම පාලකයන් මේ රට විනාශ කල බවත් මේ මොහොතේ රට ගොඩ ගැනීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු කණ්ඩායමට උනන්දු වන ලෙසත් මින් පසු යලි අවස්ථාවක් නොඑන බවත් උන් වහන්සේ පවසා ඇති බවට වාර්ථා වනවා.

මේ මොහොතේ තමන් රට ගොඩනැගීමට රට භාරගැනීමට සූදානම් බවත් ඒ සදහා ස්වාමීන් වහන්සේලාට, අනෙකුත් පූජ්‍ය තුමන්ලාට, වෘත්තිකයන්ට, ව්‍යාපාරිකයන් ඇතුලු සියලූම ශ්‍රී ලාංකිකයන්ට සමාජය ගොඩ නැගිය හැකි ජාතික පුනරුද ව්‍යාපරයක්, ජාතික ව්‍යායාමයක් නිර්මාණය කරමින් සිටින බවහ් සදහන් කර ඇත.

 

connect with us – https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions