ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස, කැනඩාවේ සිඟිති පුතකු සහ දියණියක ගිනස් ලෝක වාර්තා අතරට එක් වී තිබේ.
ගිනස් වාර්තා අතරට එක් වූයේ දින 126 කදී උපන් ආඩියා සහ ආඩ්‍රියෙල් නඩරාජා යන සිඟිති පුතා සහ දියණියයි. මෙම පුතා සහ දියණියගේ දිවි බේරා ගැනීමට සති 22 ක් වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දරා තිබෙනවා.
මීට පෙර ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස ගිනස් ලෝක වාර්තා අතර සිටියේ 2018 වසරේ දී, දින 125 කින් උපන් ඇමෙරිකාවේ අයෝවා ජනපදයේ නිවුන්නුය.