Home » ගිණුම් ප්‍රකාශ නැති දේශපාලන පක්ෂ තරඟයෙන් ඉවතට

ගිණුම් ප්‍රකාශ නැති දේශපාලන පක්ෂ තරඟයෙන් ඉවතට

by Nirodha Gamage

2021 වර්ෂය සඳහා ගිණුම් ප්‍රකාශ භාර දී නැති දේශපාලන පක්ෂ ඊයේ (16) සිට දින 14ක් ඇතුළත භාර නොදෙන්නේ නම් එම පක්ෂ පිළිගත් පක්ෂ ලැයිස්තුවෙන් ඉවත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටි.

2021 වසරට අදාළව භාරදිය යුතුව පවතින ගිණුම් ප්‍රකාශ මේ දක්වා භාර දෙනු නොලැබූ දේශපාලන පක්ෂ වෙත ඒවා භාරදෙන ලෙස අවස්ථා රාශියකදීම දැනුම් දී ඇත.

එමෙන්ම 2023 පළාත් පාලන මැතිවරණ ඡන්දවිමසීම සඳහා තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් ලබන (23) පෙරවරු 10.0ට පැවැත්වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන හා තොරතුරු පිළිබඳ සතිපතා හෝ අවශ්‍යතා අනුව ඊට පූර්වයෙන් හෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්ගේ අත්සනින් සියලුම මාධ්‍යවෙත නිකුත් කිරීම සිදුකිරීමට තීරණය කරන ලද බැවින් සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් වගකීමක් නොදැරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රැස්වී තීරණ කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions