Home » ගැහැණු රවට්ටපු යුගය ඉවරයි – අනුර කුමාර දිසානායක මහතා

ගැහැණු රවට්ටපු යුගය ඉවරයි – අනුර කුමාර දිසානායක මහතා

by Plus One

“ගැහැණු එක මිටට මාලිමාවට” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය ආරම්භ කල කාන්තා වැඩසටහනේ දෙවන දිස්ත්‍රික් සමුලුව ඊයේ ( 7 ) ගාල්ලේ දී පැවැත්වුනා.

විශාල කාන්තාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථක රැස්වීමක් සංවිධානය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ඇතුලු ජාතික ජන බලවේගයේ කාන්තාවන්ට හැකි වුනා කීවොත් නිවැරදි.

මෙම සමුලුවේ අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මෙතෙක් කල් ගැහැණුන් දේශපාලන රැස්වීමකට ගෙන්වා ගත්තේ කුමන හෝ වරප්‍රසාදයකට රවට්ටමින් බවයි. ඈ මුහුණ දෙන ආර්ථික අමාරුකම් වල පීඩාව භාවිතා කරමින් මෙතෙක් කල් ඒ ඒ පක්ෂවල දේශපාලකයන් විවිධ භාණ්ඩ බෙදමින්, ලමුන්ට රැකියා ලබා දෙමින් ආදී ලෙස වරදාන පෙන්වමින් රැවැට්ටූ බවයි.

නමුත් ඊයේ ජාතික ජන බලවෙගය වෙනුවෙන් සමුලුවට දහස් ගණනක කාන්තාවන් සහභාගී වූයේ අර්බුදයට මුහුණ දී තිබෙන රට ගොඩ ගැනීමට මෙසක වරප්‍රසාද ලබා ගැනීමට නොවන බවත් අනුර කියා සිටි.

එමෙන්ම ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන උදාහරණ ගනිමින්, 1977 සිංගප්පූරුවක් නිර්මාණය කිරීමටත්, 1994 දී විහාරමහා දේවිය රජ කරවීමටත්, 2010 දී ආසියාවේ ආශ්චර්‍ය කීරීමටත්, 2019 දී වැඩ කරන විරුවෙක් වෙනුවෙනුත් අපේ රටේ කාන්තාව රැවැට්ටූ බවයි.

ඒම නිසා මේ මොහොත අර්බුදයෙන් ගොඩ ඒමට සම්ප්‍රදායික දේශපාලන වරප්‍රසාද වෙනුවට නොරැවටී ජාතික ජන බලවේගය සමග රට ගොඩ නැගීමට එක්වන ලෙසත් අනුර කුමාර මහතා රටේ සමස්ථ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියා.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions