Home » ග්‍රීසියේ 79ක් මරුට

ග්‍රීසියේ 79ක් මරුට

by Nirodha Gamage

අනවසර සංක්‍රමණියන් 750කට ආසන්න සංඛ්‍යාවක් රැගත් ධීවර බෝට්ටුවක් දකුණු ග්‍රීසියේ මුහුදු සීමාවේ අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් 79 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ධීවර බෝට්ටුව ලිබියාවේ සිට ඉතාලිය බලා පිටත් වූ බවට වාර්තා වන අතර, අනතුරට ලක් වන විට දරුවන් සියයකට වැඩි ප්‍රමාණයක් බෝට්ටුවේ සිටි බවට අනුමාන කරන බව ග්‍රීසියේ ආරක්ෂක අංශ වාර්තා කර තිබේ.

අතුරුදන් වූ වැඩි දෙනකු අවුරුදු 20 ගණන්වල පසුවන තරුණ තරුණියන් බවට ද තොරතුරු ලැබී ඇතැයි ග්‍රීසියේ ආරක්ෂක අංශ සඳහන් කර තිබේ. මෑත ඉතිහාසයේ ග්‍රීසියේ මුහුදු සීමාවේ සිදු වූ දරුණුතම බෝට්ටු අනතුර මෙය බව ග්‍රීසිය නිවේදනය කර ඇති අතර, දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions