Home » ගංවතුරෙන් බැටකන පකිස්ථානුවන්ගේ නවතම තත්ත්වය…

ගංවතුරෙන් බැටකන පකිස්ථානුවන්ගේ නවතම තත්ත්වය…

by Nipuna Fernando

පාකිස්ථානයේ ඇති වූ විනාශකාරී ගංවතුර සහ වර්ෂාව හේතුවෙන් ජුනි මැද සිට ඔක්තෝබර් 2 දක්වා අවම වශයෙන් පුද්ගලයින් 1,695 ක් මිය ගොස් 12,865 ක් තුවාල ලබා ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) සඳහන් කර තිබේ.

පාකිස්ථානය 2022 ජුනි මැද සිට දරුණු මෝසම් කාලගුණයකට මුහුණ දුන් අතර, පුළුල්ව පැතිරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිනිස් ජීවිත, දේපළ, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් කෙරෙහි දැඩි බලපෑම් ඇති කර තිබේ.

අද වන විට, එරට පළාත් හයෙන් පහක , දිස්ත්‍රික්ක 81ක් රජය විසින් ‘විපත්තිදායක’ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදී බලුකිස්තාන්, කයිබර්පක්තුන්ක්වා සහ සින්ද් පළාත් සඳහා දැඩි හානි සිදුව ඇති බව විදේශ මාධ්‍යය වාර්තා කරයි.

සැප්තැම්බර් මැද වන විට මිලියන 33 ක ජනතාවක් පීඩාවට පත්ව සිට ඇති බව එරට මාධ්‍යය වාර්තාවල සඳහන් වේ.

එහිදී, නිවාස මිලියන 1.8 කට හානි සිදු වූ අතර ඉන් නිවාස මිලියන 1.5 ක් සින්ද් පළාත තුළ පිහිටි නිවාස වේ.

Share

You may also like

1 comment

Nipuna Fernando October 7, 2022 - 6:53 am

Nice

Reply

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions