Home » කෝලිගේ සුපිරි පිත්ත හමුවේ ඉන්දියාවට තියුණු ජයක්

කෝලිගේ සුපිරි පිත්ත හමුවේ ඉන්දියාවට තියුණු ජයක්

by Nipuna Fernando

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ B කාණ්ඩයේ ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කරන ලදි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 159 ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය. මෙහි ප්‍රහාරත්මක පිතිකරණයක නිරත වූ විරාත් කෝලී පන්දු 53ක් තුල ලකුනු 82ක් ලබා ගන්නා ලදි. මෙම තරඟයට දැඩි ප්‍රේක්ෂක ඉල්ලුමක් වූ අතර ලක්ෂයකට ආසන්න පිරිසක් මෙය නැරඹීමට එක් වී සිටින ලද බව වාර්තා වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions