Home » කෝටි 24 ක් ගත් JVP මන්ත්‍රීවරු

කෝටි 24 ක් ගත් JVP මන්ත්‍රීවරු

by Nirodha Gamage

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් වසර 13ක කාලය තුළ රුපියල් කෝටි 24ක විශ්‍රාම වැටුප් ලබාගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ විශ්‍රාම වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලේඛනයකට අනුව විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 266 දෙනෙකු පමණ විශ්‍රාම වැටුප සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ඉන් 11 දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් බවත් ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වන
“ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් පසුගිය වසර 13ක කාලය තුළ රුපියල් මිලියන 240ක් විශ්‍රාම වැටුප් ලෙස ලබාගෙන ඇති බවට එල්ල වූ චෝදනාව පදනම් විරහිත සහ සත්‍ය වශයෙන්ම වැරදියි. ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ විශ්‍රාම වැටුප පක්ෂයේ පොදු අරමුදලට බැර වෙනවා,” ඔහු පැවසීය.

ජාතික ජන බලවේගයේ (NPP) රජයක් යටතේ සියලුම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන් අහෝසි කරන බව පැවසූ වෛද්‍ය ජයතිස්ස, මේ නිසා බියට පත් මන්ත්‍රීවරුන් ජනතාව නොමග යැවීමට අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවද පැවසීය.

විශ‍්‍රාම වැටුප ලබාගැනීමට වසර 10ක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කිරීම අනිවාර්ය කිරීමට වසර දෙකකට පෙර ගෙන ආ අයවැය යෝජනාව මෙතෙක් කි‍්‍රයාත්මක වී නොමැති බව ඔහු කියා සිටියා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions