Home » කෝටි ගණන් විද්ද ප්‍රියංගාගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න

කෝටි ගණන් විද්ද ප්‍රියංගාගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න

by Nipuna Fernando

විදෙස් රටවල සහ නොයෙකුත් ව්‍යාපාරවල මුදල් තැන්පතු කිරීම හරහා ඉහළ ලාභදායී මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ – ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහල කුළී පදනම මත ලබාගෙන සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යාමටයි සැකකාරිය කටයුතු කර තිබෙන අතර ඒ සදහා ඇය මාසිකව ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 16 ක්.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයින් ප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම සැකකාරියගේ ආයතනයට මුදල් යොදා තිබුනේ ඉහළ පොලියක් ලබා ගැනීමේ අරමුනින් වන අතර සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ජායාරූප පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වී ඇත.

ඒ මීට මාස 7කට පමණ පෙර ‘‘මායා – 2’’ චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගි වීමේ ජායාරූප කිහිපය නිසාවෙනි.

එම මුහුරත් උළෙලට මෛත්‍රිපාල සිරිසේන මහතා, විජේදාස රාජපක්ෂ මහතා, හේෂා විතානගේ මහතා, චමින්ද විජේසිරි මහතා, දයාසිරි ජයසේකර මහතා, අර්ජුන රණතුංග මහතා, නාලක ගොඩහේවා මහතා සහ සිසිර ජයකොඩි මහතාද එක්වී සිටින ලදි.

සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන මායා ජාල නිෂ්පාදනය කරන්නේ තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඉසුරු බණ්ඩාර සහ ප්‍රියමාලි විසින් වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions