Home » කොළඹ පිහිටි හොර වකුගඩු රෝහලක් ගැන විමර්ශන

කොළඹ පිහිටි හොර වකුගඩු රෝහලක් ගැන විමර්ශන

by Plus One

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (01) කරුණු වාර්තා කළා.

ඒ දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් වකුගඩුවකට රුපියල් කෝටි එකහාමාරක් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගෙන මුදල් නොදී වංචා කර ඒවා ලොකු මිලගණන්වලට දේශීයව සහ විදේශීයව විකුණා ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන්.

මෙලෙස වකුගඩු ලබාදී වංචාවට හසුවූ අය අතර වයස අවුරුද්දක දරුවකුට කිරිදෙන මවක් ද සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

කොළඹ නගරයේ දිළිඳු පවුල් ඉලක්ක කරගනිමින් සිදුකෙරන මෙය ජාලගත වකුගඩු ඡාවාරමක් බවත්, මේ වන විට වකුගඩු ලබාදී වංචාවට හසුවූ පුද්ගලයන් පස් දෙනකු තම කොට්ඨාසයට පැමිණීලි ඉදිරිපත් කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් සදහන් කර සිටියා.

ජාලගත වකුගඩු ඡාවාරම සදහා එම රෝහලට වකුගඩු දායකයින් සම්බන්ධ කර ඇත්තේ පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක බවත්, ඔවුන් දෙදෙනාට දිළිඳු පුද්ගලයන් යොමු කර ඇත්තේ බ්ලූමැන්ඩ්ල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවටත් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions