Home » කොළඹ අඳුරු කළ වායු දූෂණය : සෞඛ්‍යමය බලපෑමක් එල්ල වෙයි

කොළඹ අඳුරු කළ වායු දූෂණය : සෞඛ්‍යමය බලපෑමක් එල්ල වෙයි

by Nirodha Gamage

ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු දූෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

ඒ අනුව සෞඛ්‍යමය වශයෙන් බලපෑමක් එල්ල විය හැකි බවත් මුහුණු ආවරණ භාවිතය මගින් එම තත්ත්වය මග හරවා ගත හැකි බවත් එම සංවිධානය නිවේදනය කළා.

වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ එම අගය 149ක් ලෙස සටහන්ව තිබූ අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹ නගරය තුළ අඳුරු පැහැ තත්ත්වයක් පවතිනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එම අගය 83ක් වී තිබුණ ද සෙසු සෑම දිස්ත්‍රික්කයක ම එම අගය 100 ඉක්මවා ගොස් තිබුණු බවත් පුත්තලම නගරය තුළ එම අගය 149ක් ද, ගාල්ල, කරාපිටිය සහ පොළොන්නරුව නගරය තුළ එම අගය 143ක් ලෙස ත් සටහන් වූ බවත් එම සංවිධානය නිවේදනය කළා.

මෙම තත්ත්වය සාමාන්‍ය වැඩිවීමක් ලෙස දැක්විය හැකි බවත් බොහෝ විට වෙනත් රටක සිට පැමිණි තත්ත්වයක් මිස ලංකාව තුළ උත්පාදනය වූ දූෂිත වායු තත්ත්වයක් නොවන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සංජය රත්නායක මහතා පැවසුවා.

 

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions