Home » කොවිඩ් නිසා දරුවන්ගේ සාක්ෂරතාවය 10% ට බහි

කොවිඩ් නිසා දරුවන්ගේ සාක්ෂරතාවය 10% ට බහි

by Nirodha Gamage

2021 දෙසැම්බර් මාසයේ සිට 2022 ජනවාරි මාස දක්වා කාලය තුළදී කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවූ බලපෑම පිළිබඳ ධ්‍යාපන අමාත්‍යාංශය සංගණනයක් සිදු කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ එහි දී මෙරට දරුවන්ගේ සාක්ෂරතා මට්ටම දරුණු පසුබෑමකට ලක්ව ඇති බවයි.

සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් 1,009 ක 3 වන ශ්‍රේණියේ දරුවන් දස දහසක් යොදා ගනිමින් සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් ඔස්සේ මෙම සංගණනය සිදු කර තිබේ.

එම පිරිසෙන් සියයට 90 කට පමණ ප‍්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ සංඛ්‍යා පිළිබඳ දැනුමක් නොමැති බව,සවන්දීමේ කුසලතාව, සියයට 27 ක් බව
හා කථන කුසලතාව සියයට 20 ක් පමණක් බව හඳුනාගන තිබේ.

සමීක්ෂණයට සහභාගී වූ දරුවන්ගෙන් සියයට 37 දෙනෙකු කියවීමේ කුසලතාව සම්පූර්ණ කර තිබූ අතර ලිවීමේ කුසලතාව සම්පූර්ණ කිරීමට සමත්වී තිබුණේ සියයට 34 ක ප‍්‍රතිශතයක් පමණි.

සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී සියයට 7 ක ප‍්‍රතිශතයක් එය සමත්ව ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions