Home » කොටසකට ඩොලර් 54.20ක් බැගින් ගෙවා Twitter මිලදී ගන්න මස්ක්ගෙන් යෝජනාවක්?

කොටසකට ඩොලර් 54.20ක් බැගින් ගෙවා Twitter මිලදී ගන්න මස්ක්ගෙන් යෝජනාවක්?

by Nipuna Fernando

ලොව අංක එකේ ධනවතා වන එලෝන් මස්ක් Twitter Inc. සමාගම මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අද දිනයේදී කටයුතු යොදා ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

අද දිනයේදී Twitter සමාගම වෙත ලිපියක් යවමින් මස්ක් මෙම යෝජනාව කර ඇතැයි සඳහන් වෙයි. මෙය ඔහුගේ සමීපතමයෙකුගෙන් ලැබුණු තොරතුරක් බවත්, ඒ අනුව එය ඉතාමත් රහසිගත කරුණක් බවද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

මෙහිදී ඔහු විසින් මීට පෙර එම සමාගමේ කොටසක් සඳහා ඉදිරිපත් කළ ඩොලර් 54.20ක වටිනාකම යටතේ එම මිලදී ගැනීම සිදු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන බව මෙහිදී පවසා තිබේ.

වෙබ් අඩවිය පවසන ආකාරයට මෙම පුවත වාර්තාවීමත් සමගින්ම Twitter Inc. සමාගමේ කොටසක වටිනාකමද 18%ක ප්‍රතිශතයකින් ඉහළ නැග තිබේ.

මස්ක් පළමුවරට Twitter සමාගම මිලදී ගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය. එහිදී ඔහු ඩොලර් බිලියන 44කට එය මිලදී ගන්නා බව පවසා සිටියේය. එහෙත් Twitter සතුව ඇති පරිශීලකයන් සංඛ්‍යාව නිවැරදි නොවන බවත්, ඒ අතරින් 5%ක්ම ව්‍යාජ ගිණුම් බවත් ඔහු පවසා සිටියේය.

ඒ අනුව මෙම ගනුදෙනුව කල්දැමීමට මස්ක් පියවර ගත් අතර, පසුව Twitter Inc. සමාගම මස්ක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද යොමු විය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions