Home » කෙහෙළිය වෙනුවට කංචනගෙන්, කිරිඇල්ලට පිළිතුරු

කෙහෙළිය වෙනුවට කංචනගෙන්, කිරිඇල්ලට පිළිතුරු

by Plus One

මහනුවර ප්‍රදේශය කිසිදු රෝහලක විදුලිය විසන්ධි කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය කළේ ය 2023 වසර සඳහා වන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේ දී ය.

රුපියල් ලක්ෂ 48 ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් මෙම පිළිතුරු ලබා දුන් අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි සිදුවීමක් සිදුවී ඇත්නම් තමා වහා දැනුවත් කරන ලෙසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් දිය යුතු පිළිතුරක් කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් ලබා දීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නේ වෙනත් ආකාරයකිනි.

මන්ද යත් ඇමති කෙහෙළියගේ නිවසේ විදුලි බිල ලක්ෂ ගණනක හිඟ පුරප්පාඩු ඇති බැවින් ඒ සඳහා තෝල්කකම් කිරීමට කංචන විජේසේකර පැමිණි වගයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions