Home » කෙහෙළියගේ නඩුවේ ලිපිගොනු අතුරුදහන්

කෙහෙළියගේ නඩුවේ ලිපිගොනු අතුරුදහන්

by Nirodha Gamage

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම අමාත්‍යාංශයට අයත්ව තිබූ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්‍ෂ තිස් දහසකට අධික මුදලක් වැයකර ඔහුගේ පෞද්ගලික දුරකථන බිල ගෙවීමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන කිහිපයක් සොයා ගැනීමට නොහැකි බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඊයේ (9දා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට දැනුම් දුන්නා ය. සාක්‍ෂි ලේඛනයක් ලෙස නම්කර තිබූ ජනමාධ්‍ය අමාත්‍යාංශය භාරයේ තිබූ වැදගත් ලේඛනයක් අඩංගු ලිපිගොනුවක් ද මේවනවිට අමාත්‍යාංශයේ නොමැති බව එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (9දා) එම අධිකරණයට ලිපියක් මගින් දැනුම් දුන්නේය.

නඩුවේ පූර්ව නඩු විභාගය ලබන අප්‍රේල් 24 වැනිදා ආරම්භ කිරීමට විනිසුරුවරයා දින නියම කළේය.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ මහතාගේ උපදෙස් මත නීතිඥ ප්‍රදීප් ගුණතිලක මහතා සමග නීතිඥ අසිත විපුලනායක මහතා පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions