Home » කෙහෙළියගේ ජෝක්ස්

කෙහෙළියගේ ජෝක්ස්

by Plus One

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම නිවසට කැඳවා ගැනීම මිලියන 21ක් වූ ශ්‍රී ලංකේය ජනතාවට විහිළු සැපයීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් පැවසීය.


හිටපු අමාත්‍යවරයා ඔහු අමාත්‍ය ධූරය හොබවමින් සිටින අවස්ථාවේ රට තුල සිදුවූ මෙම ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට චුදිතයෙක් නොව ඔහු වින්දිතයෙක් යනුවෙන් ප්‍රකාශ කරමින් ජනතාව දෙසට ඇගිලි දිගුකරමින් සිටින බවත් තවදුරටත් ඇමතිවරයා ඇතුළු ආණ්ඩු පාර්ශවය ජනතාව ගොනාට ඇන්දවීමට කටයුතු කරන බවත් එතුමා පැවසීය.


කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ ප්‍රකාශ වලින්, ලෝකයේ අන් කිසිම රටක සිදු නොවූ වංචාවක් ලංකාව තුල ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධූරය හොබවමින් සිටි සමයේ සිදු වූ බව පිළිගෙන තිබෙන බවත් එසේ තිබියදී ඔහු නිලදාරීන් දෙසට ත දිගුකර සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටි නිලධාරීන් පාවාදෙමින් සිටින බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල දැනට අත්අඩංගුවේ සිටින චන්ද්‍රගුප්ත ලේකම්වරයා ඇතුළු හිටපු නිලධාරීන්ට තර්ජනය කරමින් සිටින බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions