Home » කෘෂිකර්ම කටයුතු සඳහා භුමිතෙල් නිකුත් කිරීම අද සිට

කෘෂිකර්ම කටයුතු සඳහා භුමිතෙල් නිකුත් කිරීම අද සිට

by Plus One

සියලුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භූමිතෙල් නිකුත් කිරීම අද (29) සිට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ධීවරයින්ගේ භූමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිත කරමින් ඉදිරි දින 3 තුළ සියලුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භූමිතෙල් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය නොවැම්බර් 23 වනදා සිට නොවැම්බර් 27 වනදා දක්වා දින පහක කාලය තුළ භූමිතෙල් බවුසර් 229 ක් ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර තිබෙනවා. ප්‍රමාණවත් ඉන්ධන තොග තිබිය දී ධීවරයින්ට භුමිතෙල් හිඟයක් ඇති වූයේ ක්ෂේත්‍ර සමීක්ෂණයකින් තොරව අවශ්‍යතාවයන් පිළිබඳ සාවද්‍ය වාර්තා සැපයීම නිසා බවත්, ඒ අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ එවැන්නක් ඇති නොවීමට පියවර ගැනීමට කටයුතු කරන බවද ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions