රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6 ක් ආනයන අපනයන රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙරටට ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඊයේ (29) පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කිරිපිටි ආනයනය කරන මුවාවෙන් එම ආනයනකරුවන් විසින් චොක්ලට් හා කිරි තේ ඇතුළු නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යන් මෙලෙස ගෙන්වා ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ගැටලුව හේතුවෙන් කිසිසේත් මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.