Home » කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ මතියුල්ලා තලේබාන් ආණ්ඩුව සිරගත කරයි

කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ මතියුල්ලා තලේබාන් ආණ්ඩුව සිරගත කරයි

by Nirodha Gamage

නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමරවලට පැමිණීම තහනම් කර තිබියදීත්, කාන්තා අධ්‍යාපනය සඳහා ප්‍රමුඛ ලෙස ක්‍රියාකාරී වූ ඇෆ්ගනිස්ථාන සිවිල් ක්‍රියාකාරිකයෙකු තලේබාන් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

30 හැවිරිදි මතියුල්ලා වෙසාට බොහෝ කාලයක සිට තර්ජන එල්ල වී තිබිණ. ඔහු වසර ගණනාවක් තිස්සේ ඇෆ්ගනිස්ථානය පුරා සංචාරය කර සියලු දරුවන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට උත්සාහ කළේය.

මතියුල්ලා වෙසා අත්අඩංගුවේ සිටින්නේ මන්දැයි තලේබාන් සංවිධානය ප්‍රකාශ කළේ නැත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදී සිටි තවත් ක්‍රියාකාරීන් ගණනාවක් රඳවා තබා ගැනීමෙන් පසුවය.

පෙබරවාරි මාසයේදී තලෙයිබාන් ආණ්ඩුව විසින් කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කිරීම පිළිබඳ විවේචකයෙකු වන මහාචාර්ය ඉස්මයිල් මාෂාල් කාබුල්හිදී නොමිලේ පොත් බෙදා දෙමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මාර්තු 5 වන දින නිදහස් කරන ලද නමුත් එතැන් සිට කිසිවක් ප්‍රකාශ කර නැත.

මතියුල්ලා වෙසා ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛතම අධ්‍යාපන ක්‍රියාකාරිකයෙකු වන අතර, ඔහුගේ පුණ්‍යායතනය වන PenPath හරහා, 2021 දී තලේබාන් සංවිධානය කාන්තා අධ්‍යාපනය තහනම් කළ දා සිට ගැහැණු ළමයින්ගේ ඉගෙනීමේ අයිතිය වෙනුවෙන් කටයුතු කරමින් සිටී.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions