Home » කාංචන තෙල් සංස්ථාව විකුණයි : ට්විටර් පණිවුඩයකුත් නිකුත්කරයි

කාංචන තෙල් සංස්ථාව විකුණයි : ට්විටර් පණිවුඩයකුත් නිකුත්කරයි

by Nirodha Gamage

චීනයේ සිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් යන ප්‍රමුඛ පෙළේ ගෝලීය ඉන්ධන සැපයුම්කරුවන් තිදෙනකුට ෂෙල් සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළෙඳ පොළට ඇතුළු වීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව බලශක්ති ඇමැති කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සමාගම් තුනකට දිවයිනේ අලෙවි නියෝජිතයන් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් පිරිනැමෙන අතර අලුතින් තවත් ඉන්දන පිරවුම්හල් 50බැගින් ස්ථාපිත කිරීමට අවසර හිමිව තිබෙනවා.

චීනය සහ ඉන්දියාව, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික අවශ්‍යතා ඇති ප්‍රධාන රටවල් ලෙස, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට උත්සාහ කරයි. LIOC සමාගම මේ වන විට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරමින් සිටින්නේ එහි ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් කිරීම සහ ත්‍රිකුණාමලය ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ය. පසුගියදා, ඉන්දීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ‘ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, තෙල් හා ගෑස් ගවේෂණය සහ LNG සැපයුම’ පිළිබඳ සාකච්ඡා කළ බව අමාත්‍යවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions