Home » යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට චෝදනාවක්

යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට චෝදනාවක්

by Nipuna Fernando

දකුණු යුක්‍රේනයේ ජල විදුලි බලාගාරයක වේල්ලක් පුපුරුවා හැරීමට රුසියාව සූදානම් වන බවට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky චෝදනා කරන බවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම චෝදනාව ඉදිරියේදී මහා පරිමාණ ව්‍යසනයකට තුඩු දෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර යුක්‍රේනයේ තොරතුරුවලට අනුව ඩිනිපර් ගඟේ පිහිටි කකොව්කා වේල්ල රුසියානු හමුදා විසින් කැණීම් කර ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. දැනට එම වේල්ල රුසියානු ආක්‍රමණය යටතේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර කකොව්කා වේල්ලට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට රුසියාව දැනටමත් යුක්‍රේනයට චෝදනා කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions