ක්‍රිමියා පාලම පිපිරවීම පිටුපස සිටියේ රුසියානුවන්?
previous post
රුසියාව ක්රිමියාවට යා කරන ප්‍රධාන පාලම මත පසුගියදා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව රුසියාව සඳහන් කර තිබේ. විදේශ බුද්ධි සේවය (FSB) පවසා තිබෙන්නේ අත්අඩංගුවට ගත් අයගෙන් පස් දෙනෙක් රුසියානුවන් වන අතර අනෙක් අය යුක්රේනියානු සහ ආර්මේනියානු ජාතිකයන් බවයි. පාලමට එල්ල වූ ප්‍රහාරය පිටුපස යුක්රේන ආරක්ෂක අංශ සිටින බවට FSB චෝදනා කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර රුසියානු ජනාධිපති පුටින් එය මෙම පාලම පුපුරුවා හැරීම “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හඳුන්වා දී ඇත. කෙසේ නමුත් ක්‍රිමියා පාලම පුපුරුවා හැරීමෙන් පසු රුසියාවෙන් යුක්රේනයට දැඩි මිසයිල ප්‍රහාර රැසක්ද එල්ලවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.