Home » කහඳගම ඇතුළට

කහඳගම ඇතුළට

by Nirodha Gamage

කොම්පඤ්ඤවීදියේ මෙට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මෙම සැකකරු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මෙම සැකකරු අද (20) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහනුවර පදිංචි ජයන්ත මුණවීර යන අය විසිනි.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions