Home » කවුද මේ ගුණසේන සමාගමේ ලාංඡනයේ ඉන්නෙ?

කවුද මේ ගුණසේන සමාගමේ ලාංඡනයේ ඉන්නෙ?

by Nirodha Gamage

කවුද මේ ගුණසේන සමාගමේ ලාංඡනයේ ඉන්නෙ? ????ගුණසේන මහත්තයද? කෙනෙක් කියනව වික්ටර් රත්නායක ලු.. කපුගේ ලු..
තව කෙනෙක් සනත් නිශාන්ත ලු. ????

මේ ගැනත් හරියට විස්තර ඇතුව දැන ගන්න ගමන් ගුණසේන සමාගම පටන් ගත්ත හැටි පොතට සිතැති අය විදියට හොයල බැලුවොත් හොදයි.
එම්. ඩී. ගුණසේන මහත්තයාගෙ සම්පූර්ණ නම මලගලගේ දොන් ගුණසේන. හොරණ වෑවල තුන්දෙනක්ගෙන් යුක්ත ගොවි පවුලක බාලයා වුන ගුණසේන අධ්‍යාපනය ආරම්භ කලේ වෑවල රජයේ පාසලෙන්. ඉන්පසු වැඩිදුර ඉංග්‍රීසි ඉගෙනගන්න දෙමාපියන් ඔහු වෙස්ලි විද්‍යාලයට ඇතුලත් කරනවා.
ඒත් පවුලේ ආර්ථික ප්‍රශ්න එක්ක හතරෙ පංතියෙදි ඉස්කෝලෙන් අයින් වෙලා ග්‍රෑන්ඩ්පාස් වල වෙද මහත්තයෙක්ගෙන් ආයුර්වේද ඉගෙනගන්න යනවා.
මේ වෙද්දි ඔහුගේ වැඩිමහල් සහෝදරයා කොළඹ පොඩි සිල්ලර කඩයක් කරමින් හිටියෙ. පාලි සංස්කෘත අමාරුවෙන් ඉගෙනගන්න ගුණසේන මල්ලි දැකපු අයියා කියනවා ජොබ් එකක් කරන්න කාලෙ හරි කියල.

එහිදී තරුණ ගුණසේන ස්වකැමැත්තෙන්ම වෙස්ලි මුද්‍රණාලයට අනුයුක්ත boys industrial home ආයතනයේ අකුරු ඇමිණුම් ශිල්පය හදාරන්න පටන් ගන්නවා. ඊට පස්සෙ දිනමිණ පුවත්පතේ අකුරු ඇමුණුම් ශිල්පියෙක් විදියට කටයුතු කරනවා.

පසුව දිනමිණෙන් ඉවත් වෙලා එවකට ප්‍රකට වික්ටරි මුද්‍රණාලයේ අකුරු අමුණන්නෙක් විදියට කටයුතු කරනවා. ඔහුගේ මුද්‍රණ ශිල්පීය දැනුමත් කාර්‍යශූරත්වයත් නිසා එහි කළමනාකාරීධූරය දක්වාම ඔහු ගමන් ගන්නවා.

අවසානයේ 1912 වර්ෂයේ වික්ටරි මුද්‍රණාලය බදුගන්න ඔහුට හැකිවෙනවා. 1913 දී එහි එම්.ඩී. ගුණසේන සහ සමාගම නමින් ඔහු තම මුද්‍රණ කටයුතු ආරම්භ කරනවා.

මෙහෙම පොඩි තැනක ඉදන් ආපු ගුණසේන මහත්මයාගෙ ආයතනයේ නිල ලාංඡනය මාටින් වික්‍රමසිංහ මහතාගේ මැදහත්වීමෙන් 1949 දී G.S. ප්‍රනාන්දු කියන කලාකරුවා විසින් නිර්මාණය කරනවා. එහි සිටින්නේ 12 වන සියවසේ දී ලියන ලද අමාවතුර සහ ධර්ම ප්‍රදීපිකාව හි කීර්තිමත් කතුවරයා වූ ගුරුළුගෝමින් ය. මෙම ලාංඡනය මුලින් භාවිතා කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහගේ ‘සාහිත්‍යෝදය කතා’ කියන පොතටයි. එතැන් පටන් ලාංඡනය රටේ ගුණාත්මක සාහිත්‍යය නියෝජනය කරන්න සමත් උනා.

“අපි ජාතියට කියවීම හුරුකලෙමු” යන තේමා පාඨයෙන් බිහිවුන ගුණසේන සමාගම දැන් පරම්පරා තුනක් තිස්සෙ සාර්ථකව ඉදිරියට ආපු ආයතනයක්. එකල ලාංකේය බෞද්ධ පුනුරුදය සඳහා මෙන්ම අපේ නිදහස් සටන තුලදිත් මිනිසුන් තුල චින්තනමය වෙනසක් ඇතිකොට සබුද්ධිමත් ජනතාවක් රටට දායද කිරීමට කල මෙහෙයට පොතපතට ආදරය කරන අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකල යුතුමයි !

– සුමුදු කිතුල්ගොඩ

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions